ගී පද
(මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ....//)
(ඇසින් දුටු දේ බොරු වී නොයයිදෝ
දෙකනින් ඇසු දේ නොවී..//)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ....
(එක කුස ඉපදිලා වෛරෙන් මත් වෙලා
තම සොහොයුරා මරයි වසවිස දීලා....//)
සැකය නිසා මේ - සැකය නිසා මේ
දුරුවේ සාමේ ලොව ගිනි දැල්වේ
මනු ලොව අපායක් මැවෙයි....
(මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ....//)
(තණ්හා පොදී ගසා තව කෙනෙකුන් නසා
මොනවද අවසානෙදි අරගෙන යන්නේ....//)
ධර්ම රකින්නා - ධර්ම රකින්නා
ධර්මෙන් රැක දී - එය නොම දන්නා
සසරෙහි මැරී මැරී තැවේ...
මිනිසාමයි ලොව.....