මිනින්දෝරු කන්තෝරුවේminindhooru kanthooruwee

Minindooru Kanthoruwe

සංගීතය:
එච්. එම්. ජයරත්නech. em. jayarathna
පද රචනය:
රත්න ශ්‍රී විජේසිංහrathna shrii wijeesinha

ගී පද

මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද
ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දංවැල් අරගෙන
තරහ අවසරයි යනවද දංවැල් අරගෙන

පිං කුඹුරු නෙලන කාලෙට මට හීල අරන් එන
හිස විසාදියට තෙල් උළලා තොන්තුවා වෙන
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට

මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික...

දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග
තෙල් පාන උනත් නිවා දමයි සංහිඳ පාමුල
වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට
වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට

මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික...