මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේmini kinkini handa paradhaa mee gael gamanee

Mini Kinkini Hada Parada Mey Gal Gamane

ගී පද

මිණි කිංකිණි හඩ පරදා මේ ගැල් ගමනේ
කළුවර කතරේ කදු වැටි මානේ
දුක් ගී රාවේ සවනට වෑහේ සුදු මැණිකේ
මිණි කිංකිණි හඩ පරදා මේ ගැල් ගමනේ

පාළුවේ පාවී හපුතල් කන්දේ
කුර හඩ නැගුනේ මේ දිගු ගමනේ
තව දුර වැඩි වේ ගව්වෙන් ගව්වේ
ඔබ නැති ගම්මානේ මේ දුර නෑහේ

මිණි කිංකිණි ....

සීපදේ රාවේ සියොලග සසැලේ
ඔබෙ සිත සැගවේ දාහය උතුරා
උණුසුම ඔබගේ සිරුරේ දැවටේ
නෑ හිරු පායන්නේ නෑ මට ආයේ

මිණි කිංකිණි ....