මින්දද හීසරmindhadha hiisara

Mindada Hee Sara

සංගීතය:
අමරදේව W Damaradheewa w d
පද රචනය:
මඩවල S රත්නායකmadawala s rathnaayaka

ගී පද

මින්දද හීසර වැදී සැළෙන හද
නංවන දුක්‌ ගී ඔබට ඇසෙනවද
නන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන් සඳ.....//

තුරඟෙකු පිට නැගි නීල වලාකුළු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ
පිබුදුනු දෑසින් බලා හිඳිමි මම
කුසුම් සිනා කැන් හද පුරවා.....

මින්දද හීසර.....

මෙතුවක්‌ කල් මුව මඬල වසා සිටි
අන්ධකාර සළු පටින් මුදා
නෙත් මිණි පහනින් පහන් කරනු මැන
අනාගතේ මන් පෙත පාදා.....

මින්දද හීසර.....