ගී පද
මිහිතලේ උණුසුම් වුණේ
කිරුලටයි සැරසුණේ
වීර්යෙන් සවි ශක්තියෙන්
සටනටයි සැරසුණේ
මිතුදම් රැකගෙන පෙරමුණ අරගෙන
සිහනද රැව් දෙන්නේ
ලක්මව සනසන කිරුළින් සරසන
නව යුගයයි එන්නේ...//
හරි සැරයි විදුලිය වගේ
තණ නිල්ලත් රතු වේ//
සිහ ධජ ලෙලදෙන
ලක් නම රැව් දෙන
වසන්තයයි එන්නේ...//
ජය ලබයි අප සිහ පැටව්
පුරවයි ජය පානේ//
සටනට සැරසෙමු වීර්ය ලැබ දෙමු
රොක් වෙමු යහළුවනේ...
මිහිතලේ උණුසුම්...