මිහිරියේ ගැමි ළඳේmihiriyee gaemi landee

Mihiriyee Gami Landee

ගී පද

මිහිරියේ ගැමි ළඳේ
මිහිරියේ ගැමි ළඳේ

කැලේ මල් සුවඳ මුසු මිහිර දෙන නව උදේ
පැන් පුරා කළය ගෙන තබා ඔබ මුදු බඳේ
අහිංසක මුව දෙනක ගුණය රැඳවූ හදේ
උදෑසන මා දකින මිහිරියේ ගැමි ළඳේ

ඔබ මුහුණු දකින් විට නොපිපි වන මල් පිපේ
කියඹු වැල් මා බලා ඔබේ නළලත හැපේ
ඔබ නිසාමයි ළඳේ ගමට මෙපමණ ඔපේ
උදෑසන මුණ ගැසුම පමණි මට ඇති සැපේ

ඔබ දකිනු හැර අනෙක්‌ සම්පතක්‌ මට නැති
මුළු සොබාවික ලොවම දිගැස්‌ යුවළට ගැති
දවස සරුවට ඔබේ එක හිනාවක්‌ ඇති
රැගෙන ආ නව එළිය මගේ ගමට සඳවතී