මිහිරියේ මිහිරියේ ඔබ සොයා එමීmihiriyee mihiriyee oba soyaa emii

Mihiriye Mihiriye Oba Soya Emi

ගී පද

මිහිරියේ මිහිරියේ ඔබ සොයා එමී
පැතුම් පිරුණු හදකින්
ලෝකයෙන් රළු ලෝකයෙන් 
මොහොතකට හද නිවා ගනු රිසියෙන් //

සත් හිරු පායා නෙත් ගිනි කණ වැටෙනා
විස කළු දුම් ගඟ වියරු ලෙසින් ගලනා
ලොවින් විඩාපත් දෙනෙත නිවන්නයි
ඔබේ දෙතොලේ පිපි සිනා සොයන්නේ

පලා යන්න බැරි ජීවිත රණ මඬලේ
සුවහසක් දුක් කම්කටොළු සතුරු පහරේ
හිස පුපුරන වේදනා නිවන්නයි
ඔබෙ මුදු වදනක් සවණ පතන්නේ

මිහිරියේ ....