මිහිරාවියේ (මුදු කෙහෙරැල්ල දඟකාර)mihiraawiyee (mudhu keheraella dhangakaara)

Mihiraviye (Mudu Keheralla Dangakara)

සංගීතය:
කෝසල ප්‍රසාද් මුතුනායකkoosala prasaadh muthunaayaka
පද රචනය:
ප්‍රදීප් ශාන්තpradhiip shaantha

ගී පද

මුදු කෙහෙරැල්ල දඟකාර මිහිරාවියේ
සඳු ඇති රෑක නෙත් මානේ ඉන්නම් ඔබේ
සුදු ඔය දෑත ගෙන හීන මැව් සාදයේ
මේ හිත තාම ඇයි කෝල මිහිරාවියේ
මිහිරාවියේ පාළු හිත මල් මාල පැළඳු 
මිහිරාවියේ කෝල හසරැල් පාට තැවරූ 
මිහිරාවියේ මිහිරාවියේ
මේ හිත තාම ඇයි කෝල මිහිරාවියේ...

නිල් පාට ඇස් කතා කළේ
මට තාම මැවිලා පෙනේ
සිත කෝලකම් කළා වගේ
රුව තාම සොයමි නුඹේ
මිහිරාවියේ මිහිරාවියේ
මේ හිත තාම ඇයි කෝල මිහිරාවියේ...

දෙතොල් අතරේ හීන පිරු ඒ
කොපුල් හසරැල් හිතේ රැඳුනේ
තත්සරේ රන් රාව අතරේ
දෙනෙත් නුඹගේ එදා මැව්නේ...

මුදු කෙහෙරැල්ල...