මිහිපිට අඟලක් හිමි නැති මිනිසෙක්mihipita angalak himi naethi minisek

Mihipita Angalak Himi Nethi Minisek

සංගීතය:
සෝමපාල රත්නායකsoomapaala rathnaayaka

ගී පද

මිහිපිට අඟලක් හිමි නැති මිනිසෙක් 
තනයි මාළිගා අහසේ... 

කිරුළු පළඳන්න රටක් නැති 
රජකරවන්නට පුතකු නැති 
අතීතයක් මිස හෙටක් නැති 
මිහිපිට බිම් අඟලක් නොමැති 
මිනිසෙක් තනන මාළිගා මාළිගා... 

සිත් මාළිගයේ කව්රු රන්ඳන්නෙ
අඳුරු කුටිය කෙලෙසද හෙළිවන්නේ 
පාළු  කවුදෝ සිඳලන්නේ 
පෙර මෙන් කිංකිණි නැත හැඬවෙන්නේ  
මිනිසෙක් තනන මාළිගා මාළිගා...

අඳුරු මාළිගා හෙළිකරවන්නයි 
පාළු  මොහොතින් සිඳලන්නයි 
හෙළමව යලි රන් කිරුළු දරන්නයි 
හෙළේ පැතුම් යලි රජකරවන්නයි... 

මිනිසෙක් තනන මාළිගා මාළිගා
අහසේ තනන මාළිගා මාළිගා...