මෙහෙණියක වීmeheniyaka wii

Meheniyaka Vee

ගී පද

මෙහෙණියක වී සසර කතරින්
එතෙර වන්නට පාරමී පුරනා
ඔබ පෙම්වතියක ලෙසින් එදා මා
පෙමින් එදා මා ළඟ උන්නා

අවිහිංසක ඔබ අවිහිංසක මා
දෙගුරුන් හමුවේ ගැරහුම් ලැබුවා
මා රිදවන්නට නොහැකිව ඔබෙ හද
දහස් වරක් දෙගුරුන් රිදවූවා

පළිගන්නට මිස පිළිගන්නට මා
දෙගුරුන් ඔබගේ නොකැමති වූවා
ඒ පාපෙන් දෙගුරුන් මුදවන්නට
කසාවතට ඔබෙ වත දන් දුන්නා