මීවිත පිරුනා මැදියම් රෑmiiwitha pirunaa maedhiyam rae

Meewitha Piruna Madiyam Re

ගී පද

මීවිත පිරුනා මැදියම් රෑ
ඔබ නැති පාලුව දැනුනා ඉවසුම් නෑ..
නෙතු ළඟ සීතල මැවුනා.. 
කදුලක් තාලෙට හැලුනා..
මා හද හැඩුවා ඔබ දන්නෑ..
නෙතු ළඟ සීතල මැවුනා..
කදුලක් තාලෙට හැලුනා..
මා හද හැඩුවා ඔබ දන්නෑ..//

සියොළඟ පෙනුනා තුරුලට වී..
සද ගිනි ගත්තා උනුසුම් වී..
මතකය පමණයි ඈ මියදී...
මේ තනි යහනේ මා තනි වී..

නෙතු ළඟ සීතල මැවුනා..//

වාවනු බැහැ හිත ගිනි ගත්දී.. 
මට උනුසුම විතරයි ඔබ ඉද්දී.. 
සුදු පාටින් ඇයි ඔබ සැරසී.. 
ඔය නිල් නෙතු නිහඬයි අද පියවී..

නෙතු ළඟ සීතල මැවුනා

මීවිත පිරුනා මැදියම් රෑ..
ඔබ නැති පාලුව දැනුනා ඉවසුම් නෑ..
නෙතු ළඟ සීතල මැවුනා.. 
කදුලක් තාලෙට හැලුනා..
මා හද හැඩුවා ඔබ දන්නෑ..
නෙතු ළඟ සීතල මැවුනා..
කදුලක් තාලෙට හැලුනා..
මා හද හැඩුවා ඔබ දන්නෑ..//