මීදුමෙන් වැසීmiidhumen waesii

Meedumen Wasi

ගී පද

මීදුමෙන් වැසී කදුයාය සලිත වී
ඔය වාගෙ සීතලෙන් නලියාවි කිති කැවී
නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගෙ ආදරෙන් හිනැහේවි ලං වෙවී

ලා හිරුගේ සෙවනේ විඩා නිවා
ඒ සුවයේ නැළවෙන්න නෙත් පියා

සේද නිල්ලේ මල් යායේ
ඇවිද යන්නයි හිත් මානේ
ඔබය මාගේ රජ දහනේ
කිරුල හිමි වූ මනමාලී

ඔබය හීනය සන්තානේ
වැතිර ඉන්නම් මේ හීනේ
සිහින විමනේ සිහිලැල්ලේ
ඉගිල යාදෙන් මැවු හීනේ

මුහුදු වෙරළේ රළ වාගේ
ඇවිත් කොදුරන් රන් ආලේ
හමන නළ සේ හැන්දෑවේ
තුරුළු වී ඉගිලෙමි ආයේ

මීදුමෙන් වැසී කදුයාය සලිත වී…