මීදුමක් වෙලා එතෙන්න මා වටේ miidhumak welaa ethenna maa watee

Meedumak Wela Ethenna Ma Wate

ගී පද

මීදුමක් වෙලා එතෙන්න මා වටේ 
සීතලේට නින්දනේද රාතියේ
මා ගමෙන් ඇවිත් හිදිද්දි මේ නවාතැනේ 
ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ
මීදුමක් වෙලා එතෙන්න මා වටේ 
සීතලේට නින්දනේද රාතියේ

සීත මීදුමේ ඈත කන්ඳ පාමුලේ 
පෙම්වතුන්ගේ පාලු පාරෙ පානගා ගියේ
සිහිවෙද මතකේ අපේ
මට වාගේ ඔබටත් ලදේ

මීදුමක් වෙලා ....

දෑත ගෙන ඔබේ ආයෙමත් අපේ ලොවේ 
ලන්ව ඉන්න වාසනා ලැබේවි ජීවිතේ
පන වාගේ මගෙ ආදරේ 
සුරකින්නෙ මා නම් ලදේ

මීදුමක් වෙලා ....