මීදුම් (තරු අතරින්)miidhum (tharu atharin)

Meedum (Tharu Atharin)

සංගීතය:
යුකී නවරත්නyukii nawarathna
පද රචනය:
යුකී නවරත්නyukii nawarathna

ගී පද

තරු අතරින් ආවා සඳ නැති රෑ නුඹ මා හා
තනියට මා සනසා ඈ හාදුවක් වුනා
හිතගත් රූ බෝමා
අතගන්නට හිත යන්නේ මේ
තනි වුණු මා පමණක් නොවේ රැයේ...

මීදුම් නහවා රෑ තුන්යාමේ තෝරා
නාවෙ කවුද මා හා ආවා මා
මායම් පෑවා සායම් ගෑ නිය පීරා 
වරලේ කිමිදීලා හාදුවක් වුනා
ඕඕ සීරුවෙන් මා නුඹෙන් මත්වුනා
ඕ ඕ මීදුමෙන් ඈ දෙතොල් තෙත් වුනා
ඕඕ සීරුවෙන් මා නුඹෙන් මත්වුනා ඕ ඕ…

ඔබෙ අනසකට මං කීකරුයි
එකතැනම දෙන්න දඩුවමයි තීදුවයි
Showty කරන්නෑ මං විහිලු
කපන්න මාව තීරු තීරුවලට නෙත්සරින් තියුනු
වෙන වෙන්න ආසයි මං භීහිසුනු
සුසිනිදු දෑත සිරුර පුර විහිදුනු
මගෙ ටජ්මහලෙ ඇය වෙනුවෙන් ඉදිවුනු
සලුපිලි වැටි හැමතැන නොදැනිම ගතින් ගිලිහුනු
Showty වීනස් යහනෙ දිය තීනා
විටකදි මෙඩූසා කරවයි වශීමා
අද පටන් ගත්තොත් නවත්තන්නෙ අනිද්දා
ඔයා නිසයි බිදින්නෙ මං
තුන්වෙනි පදෙ ශික්ෂා...

මීදුම් නහවා රෑ තුන්යාමේ...

ඕඕ සීරුවෙන් මා නුඹෙන් මත්වුනා
ඕ ඕ මීදුමෙන් ඈ දෙතොල් තෙත් වුනා
ඕඕ සීරුවෙන් මා නුඹෙන් මත්වුනා ඕ ඕ…