මීදුම් ගලා කන්දේmiidhum galaa kandhee

Meedum Gala Kande

ගී පද

මීදුම් ගලා කන්දේ - ඉවසන්න බෑ සීතේ
උණුසුම් දැනේ දෑතේ
ළංවී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ.....//

ගී ගයන්නේ මං කා නිසාද දැන් .../
පෙම්බරයි දසුන් සුන්දරයි හැඟුම්
ළා නිල්ලේ - ඔන්චිල්ලේ - නැළැවිල්ලේ
සියුමැලියේ මා මත්වේ මුසපත්වේ 
ළංවී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ....

මීදුම් ගලා කන්දේ .../

රන් රුවක් වගේ පෙම්බරා මගේ..//
මේ නිසංසලේ සිත් පහන් කළේ
ළා නිල්ලේ - ඔන්චිල්ලේ - නැළැවිල්ලේ
මා මත්වී - මුසපත්වී - රසවත්වී
ළංවී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ.....

මීදුම් ගලා කන්දේ ...//