මී අඹ වනයේ ගී හඬ පතුරාmii amba wanayee gii handa pathuraa

Mee Amba Wanaye Gee Hada Pathura

සංගීතය:
ටෝනි වීරතුංගtooni wiirathunga
පද රචනය:
ආනන්ද සෙනෙවිරත්නaanandha senewirathna

ගී පද

මී අඹ වනයේ ගී හඬ පතුරා කාවද අමතන්නේ
ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ
ලා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නලවන්නේ...

සිහිනෙන් සිහිනෙට ඔබ එනවා
මොනවාද හිමිහිට මුමුණනවා
හදවත රිදුමද නවතිනවා
මොහොතින් යළි නොපෙනී යනවා..

බඳ වට සුදු ඔසරිය පටලා
මල් පොකුරක් ඔබ අත තබලා
ලඟදිම මනමාලිය කරලා
ගෙනයන්නෙමි ඔබ මගෙ කියලා....

මී අඹ වනයේ.../