ගී පද
මේ වේදනා මට පවරලා
වෙන් වී ගියේ ඇයි මා හඬවලා
අදහන්න බෑ පිළිගන්නේ නෑ
ඔබමද කියා පෙම් කල කෙනා ඒ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
අන්සතු වෙලාදෝ මට මැව් කෙනා
අපට අප හිමි නෑ සදා
මේ වේදනා මට පවරලා
වෙන් වී ගියේ ඇයි මා හඬවලා
ළඟ උන්නු කාලේ කී කතා සිහිවේ
අමතක වුනාදෝ නිස් කාරනා
යලි මුණ ගැහෙයි නම් නාදුනන සේ මං
මග හැරලා යන්නම් මතු හමු නොවෙන්නම්
ඔබට මා හිමි නෑ ......................................
කඳුළු අතරේ රඳවා තියාලා
ඈතට වුනේ ඇයි රහසේ ඔයා
යලි මුණ ගැහෙයි නම් නාදුනන සේ මං
මග හැරලා යන්නම් මතු හමු නොවෙන්නම්
ඔබට මා හිමි නෑ......................................
මේ වේදනා මට පවරලා...........................
ඔබට මා හිමි නෑ......................................