මේ තියෙන්නෙ කන්තෝරුව (ජනේලය)mee thiyenne kanthooruwa (janeelaya)

Me Thiyenne Kanthoruwa (Janelaya)

සංගීතය:
සෝමදාස ඇල්විටිගලsoomadhaasa aelwitigala
පද රචනය:
හෙන්රි ජයසේනhenri jayaseena

ගී පද

මේ තියෙන්නෙ කන්තෝරුව
වැඩ අරඹන කන්තෝරුව
වැඩ නිමවන කන්තෝරුව
මහ රැජිනගෙ කන්තෝරුව...//

ලොක්කන් එනවා ඇවිල්ල යනවා
ආයෙත් එනවා ඇවිල්ල යනවා
කන්තෝරුව නම් මෙහෙ නවතිනවා...

මේක තමයි කන්තෝරුව
මං ඉපදුනු කන්තෝරුව
වයසට යන කන්තෝරුව
පණ යන තුරු කන්තෝරුව
මට විතරක් නැති මාරුව
මේක තමයි කන්තෝරුව
මෙතන තමයි කයිවාරුව
මේක තමයි කන්තෝරුව...

උදේට එනවා හවසට යනවා
ජනෙල් අරිනවා ජනෙල් වහනවා
හවසට යනවා උදේට එනවා...

මගෙ නම පුටුපාලයා
මෙතන පියුම්කාරයා
තරහ ගියොත් මාරයා
මගෙ නම පුටුපාලයා...