මේ තරම් කඳුළු වැල් කොහේ තිබුණිදෝmee tharam kandulu wael kohee thibunidhoo

Me Tharam Kadulu Wel Kohe Tibunido

ගී පද

මේ තරම් කඳුළු වැල් කොහේ තිබුණි දෝ 
හැංගිලා නෙතේ
මේ තරම් සුසුම් වැල් කොහේ තිබුණි දෝ 
හැංගිලා සිතේ

ජිවිතේ අවාරයේ ගිම්හානයේ දැවෙයි
කී කතා ළගින් ඉඳන් පෙරදා සිතේ මැවෙයි
නදී කුමාරියක් වගේ සැලෙන්න ඒ දුකින්
තැවෙන්න ඒ දුකින්

මේ තරම් සුසුම් වැල් කොහේ තිබුණි දෝ 
හැංගිලා සිතේ
මේ තරම් කඳුළු වැල් කොහේ තිබුණි දෝ 
හැංගිලා නෙතේ

වෙන්වෙලා නොයන්නෙමි දිවුරා කියූ මුවින්
වෙන්වෙමු කියන්නෙ දැන් කොහෙදෝ අපේ පැතුම්
දෙමාපියන් වරම් නොදුන් සුපෙම්වතුන් ලෙසින්
හඬන්න සෝ දුකින් 

මේ තරම් කඳුළු වැල් කොහේ තිබුණි දෝ 
හැංගිලා නෙතේ
මේ තරම් සුසුම් වැල් කොහේ තිබුණි දෝ 
හැංගිලා සිතේ