ගී පද
මේ සිරගෙය බිඳිනු මැනවි
ඔබ මා සිරකර තැබු
දඬුවම මිහිරියේ නපුරයි
තනිකම සුසුමක එවු
මේ සිරගෙය බිඳිනු මැනවි
නෙක නෙක තරුමල් සුපිපුණ
ආ මග නැවතුම් සෙවු //
සිඳ බිඳ සිතුවිලි ගුලිකල
සඳ ඔබ කවි පද පෙළු
මේ සිරගෙය ....
නලියන මදනළ මුකුළිත
තුරු අග කඳුලැලි සෙවු //
හිනැහෙන සඳකැන් අහුරක
රැය ඔබ තනිකම මැවු
මේ සිරගෙය ....