මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේmee saumya raathriya gewilaa yathee

Me Saumya Rathriya Gewila Yathe

ගී පද

මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී //

රමණී හැඟුම් පෑ උතුම් දාර්ශනේ
රන් තාරකා හා ගියා සේ පෙනේ //

සේපාලිකා .... සේපාලිකා ....
මාගේ අමානන්දනී කෝ අනේ 
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී 

මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී //

සංකාව හෘදේහි ඒවී ගලාලා
කොයි වේලේ ඒදෝ කියාලා බලාලා //

ආනන්ද රාත්‍රිය සෞම්‍ය කාන්ති
මාදරිගේ වියෝගෙන් පෙලේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී

මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී