මේ රිදුම්mee ridhum

Me Ridum

සංගීතය:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
පද රචනය:
රජාංගණේ හාමුදුරුවෝrajaanganee haamudhuruwoo

ගී පද

මියැදෙන්න පෙර ආයේ එකම වරක්
දැකගන්න ඔබ එන්න එය සැනසුමක්
වුණ දේ වුණා හඬලා දැන් නෑ පලක්
ඔබ ඉන්න සතුටින්ම මගේ ජීවිතේ අරන්
(මේ රිදුම් ඉකිගසා ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා...//)

හිනැහෙන්න කාරණා දහසකුත් ඇතත්
රිදවන්නමයි හිතුවේ ඔබ මා තවත්
සැනසෙන්න දුන් පැතුම් අරගෙන යළිත්
හිතකින්ද හැරගියේ සොඳුරියේ කියන්
(මේ රිදුම් ඉකිගසා ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා...//)

දුර යන්න හැකි වුණත් මා හැර හුඟක්
ඔබ නැතිව මට යන්න බෑ පියවරක්
හැමදේම නැතිවෙලා තනිවුණු බවක්
නෑ කවුරුවත් දන්නේ ඔය හිත තරම්
(මේ රිදුම් ඉකිගසා ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා...//)