ගී පද
මේ පුංචි රටේ -කොතැනකදී හෝ
මතු කවදා හෝ යළි අප හමුවේවි
ආදර සිහිනය දෑසට උතුරන - කඳුළු ගඟක් වන දිනයේ
ජීවිතයට හිමි පැරදුම පිළිගෙන - සමුගෙන යමු වෙන් වී
ජීවිත ගමනේ කොතැනක දී හෝ - අප යළි හමුවන දිනයේ
මේ දුක් කඳුළැලි වියකුණු දෑසින් - හිනැහෙනු මැන පෙර සේ