මේ ප්‍රේමයේ mee preemayee

Me Premaye

ගී පද

මේ ප්‍රේමයේ මැදියම් රැයයි 
නිම් වළල්ලෙන් සඳ මැකී යන්නට ලඟයි 
තාරකා ඇස් නිදි බරයි
මේ ප්‍රේමයේ මැදියම් රැයයි....

අඳුර තැන තැන රංචු ගැහිලා 
හිත පුරා හරි කළුවරයි....
ඈත දවසක දිලුන තරුවක
එලිය මතකයේ සැරි සරයි
ඒ ඔබ තමයි මගේ සිත කියයි 

මීදුමෙන් පිරි සීත මැදියම 
සීතලයි සිත පාරවයි 
දෑල විකසිත රෝස කුසුමක
ඉසුණ මල් පෙති නෙත ගැටේ 
ඒ ඔබ තමයි මගේ සිත කියයි  

මේ ප්‍රේමයේ මැදියම්.../