මේ පිපාසිත ලෝ තළේmee pipaasitha loo thalee

Me pipasitha lo thale

සංගීතය:
ආර් මුත්තුසාමිaar muththusaami
පද රචනය:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

ගී පද

මේ පිපාසිත ලෝ තළේ
ළලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගේ පෙම් රසේ... //

මේ පිපාසිත ලෝ තළේ
ළලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගේ පෙම් රසේ... 
මේ පිපාසිත ලෝ තළේ

බැලුවාම පේන වැලි තලාවකි
පතුලේහි දිය ගලා ගියේ//
හද තාප ගින්න සීතළේ
හැමුවාම සුළඟ මුව මල් ගොමුවේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ

මේ පිපාසිත ලෝ තළේ
ළලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගේ පෙම් රසේ... 
මේ පිපාසිත ලෝ තළේ

ලාසා රසින්නෙ බිඳහෙලන්නෙ ඒ
දෙවියන් කියා අසා තියේ//
මගෙ දෑස දැක්ක මේ ලොවේ
දෙවියෝය ළලන සුව දෙන දිවියේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ

මේ පිපාසිත ලෝ තළේ
ළලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගේ පෙම් රසේ... 
මේ පිපාසිත ලෝ තළේ