ගී පද
මේ නිකිනි සඳ ගේන හැන්දෑව මොනතරම්
සොදුරුයිද සඳ දෙව්ලියේ..
ඔබ උන්නෙ මා ගාව සීත මද නළ සේම
නිදි බින්ද පෙම්වන්තියේ..
සඳ දෙව්ලියේ..පෙම්වන්තියේ..
හිනැහෙන්න පා දැත-සැනහෙන්න මේ සීතෙ
සඳ දෙව්ලි තුරුලට වඩී //
තව හීනෙකට ඉඩ මදී..
මේ නිකිනි සඳ ගේන....
මකරන්ද පිපි උයන- විල්තෙර ඉඳන් දකින
බමරින්දු සිහිනෙක එතී //
හමුවෙන්න එයි හිතවතී..
මේ නිකිනි සඳ ගේන හැන්දෑව මොනතරම්
සොදුරුයිද සඳ දෙව්ලියේ..
ඔබ උන්නෙ මා ගාව- සීත මද නළ සේම
නිදි බින්ද පෙම්වන්තියේ..
සඳ දෙව්ලියේ.. පෙම්වන්තියේ..///