මේ මුළු අහසමmee mulu ahasama

Me Mulu Ahasama

ගී පද

මේ මුළු අහසම මට මදි ඔබ ගැන - මෙතුවක් නොලියූ ගිය ගයන්නට
පුංචි තාරකාවක් දැල්වුණ තැන - ඇත ඉඩ ඔබ ගැන ගිය ලියන්නට

සප්ත සමුදුරේ නිල් සායම් ඇත - එක පැහැයක් මදි ඔබෙ රුව අදිනට
ඇසින් වැටෙන එක කඳුළු බිඳක් ඇති - මට ඔබෙ පිළිරුව සිතුවම් කරනට

සිත් දහසක් මදි ඔබ ගැන සිතුමට - එපමණ ගැඹුරක් ආදරයෙහි ඇත
එක සිතකින් ඒ ගැන සිතු හැකි මට - ආදරයට සිත් දහසක් ලොව නැත