මේ මැයි ගහ යට දවසක් දාmee maeyi gaha yata dhawasak dhaa

Me May Gaha Yata

ගී පද

මේ මැයි ගහ යට දවසක් දා
වැස්සට අපි උන්නා
රතු කැට වාගේ මැයි මල් පිපි පිපි
අපට සෙවන දුන්නා

මැයි මාසේ එක සැන්දා වරුවක
සීතල වැහි පොද වැටෙන වෙලේ
ආදරවියෝවක් සිතින් එබෙන සඳ
වැහිපොද සේ නෙතු කඳුලු සැලේ

වැහිපොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ
අපදෙදෙනෙක් නොව අද මා පමණයි
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ