මේ මැයි ගහ යටmee maeyi gaha yata

Me Mai Gaha Yata

පද රචනය:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

ගී පද

මේ මැයි ගහ යට දවසක් දා
වැස්සට අපි උන්නා
රතු කැට වාගේ මැයි මල් පිපි පිපි
අපට සෙවණ දුන්නා
අපට සෙවණ දුන්නා......

මැයි මාසේ එක සැන්ඳෑ වරුවක
සීතල වැහිපොද වැටෙන වෙලේ
ආදර වියෝවක් සිතින් එබෙන සඳ
වැහිපොද සේ නෙතු කඳුළු සැලේ
වැහිපොද සේ නෙතු කඳුළු සැලේ.....

වැහිපොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුණත් රතට රතේ
අප දෙදෙනෙක් නැත අද මා පමණයි
මැයි ගස් සෙවණේ අඳුරු පෙතේ
මැයි ගස් සෙවණේ අඳුරු පෙතේ.....