ගී පද
මේ ලෝකේ සියල්ලෝ සිනා වෙන්නේ ඇයි දෝ
බීලා යයි කියා මං හිතා ඉන්න හොඳ නෑ
බොන්න යයි කියා මට බල කරලා
මේ උසස් සමාජේ ඳුරා පානේ පෙවුවා
අපේ මේ සමාජේ මැණික් බදීවී
සුදු ඇදුම් අදීවී කලුයි සිත් ඔවුන්ගේ
අයෙක් ලේ පිපාසෙන් සුරාවෙන් නැසීමෙන්
සුරූපී ලඳුන් දැන් ලබයි සැප විනෝදෙන්
මේ ලෝකේ සියල්ලෝ.../
මගේ ජීවිතේ මේ ගෙවී හොදම කාලේ
රැඟුම් විනෝදෙන් දැනුයි මට දැනෙන්නේ
මුලින් ගෙවපු කාලේ අලුත් වී හිතේ මේ
වෙනස හොදට කෙරේ පලක් නෑ එයින්නම්
මේ ලෝකේ සියල්ලෝ.../
නැටීමෙන් ගැයීමෙන් සුරාවෙන් විනෝදෙන්
හොදක් නම් නොවේ ඉන් ලොවේ හැටි දැනේ දැන්
මැරුණ දාට ලෝකේ නෑ නැටුම් විනෝදේ
පෙම් කෙරූ සියල්ලන් දමා තනිව යන්නේ
මේ ලෝකේ සියල්ලෝ.../