මේ ලෝක තලේ සුරකිනmee looka thalee surakina

Me Loka Thale

ගී පද

මේ ලෝක තලේ සුරකින 
ශ් ‍රී විශ්ණු දේවනේ ......//
රැක දෙනු මැන අප හට
ශ් ‍රී සම්බුද්ධ ශාසනේ 

මේ ලෝක තලේ සුරකින 
ශ් ‍රී විශ්ණු දේවනේ
රැක දෙනු මැන අප හට
ශ් ‍රී සම්බුද්ධ ශාසනේ 

නිලුපුල් වනින් අරා හිඳ රන්
ගුරුළු වාහනේ 
මුළු නිම් හෙලේ සමගි සාමය 
රකින්  දේවනේ ........//
වැඩ වසන දෙවිනුවර 
දෙවොලෙහි සැතපආසනේ 
සුරිඳුගේ නමට භාරයි 
ජාතියේ ජීවනේ 

මේ ලෝක තලේ සුරකින 
ශ් ‍රී විශ්ණු දේවනේ
රැක දෙනු මැන අප හට
ශ් ‍රී සම්බුද්ධ ශාසනේ 

සංසාර සාගරේ නෙක දුක් 
විදින ලෝදනා 
මුදවන්න ස්වාමිනේ ඉසිමින් 
ශ් ‍රී දහම් අමා.......//
කරුණාව සිත අරා දස පරමී 
දම් පුරා 
බුදු වන්න දෙවිඳුනේ 
කෙලෙසුන් නසා ලොව්තුරා

මේ ලෝක තලේ සුරකින 
ශ් ‍රී විශ්ණු දේවනේ
රැක දෙනු මැන අප හට
ශ් ‍රී සම්බුද්ධ ශාසනේ.......//