ගී පද
මේ කිරුළ බර වැඩියි දේවී
ගිණි ගැනි ලය රිදුම් දේවි..
ඔබම පැලදු සිරස..
ප්‍රේමයේ මිණි කිරුළ
තවම මා හිස රදයි දේවි..
එයම මට බර වැඩියි දේවී...
මිතුරියක සොයුරියක
සෙනෙහසම පිදු මවක
මග නොමග කියාදුන්
ඇදුරුතුමියයි වරෙක
සංසාර සාගරෙන් පාවී...
මවෙත ආ සදකිදුරු දේවී..
රෑයම නොනිදා රැදී
මගේ නෙතු මත හිදී
මතක ගිණි හෙලුම් නොදි
ඔබ මසිත පිරි මදි
සසර මග අත නොහැර දේවී
යළි එකට මුණගැහෙමු දේවී..