මේ කඳුලු බිංදුmee kandulu bindhu

Me Kandulu Bindu

ගී පද

මේ කඳුලු බිංදු දෙක තුනවත් ඔයා තියා ගන්න
ඉඳ හිට හෝ ඔබට ඉතින් මාව මතක් වෙන්න
රෑ දහවල් පෙරැම් පිරැ තරම් ඔබේ වෙන්න
(සංසාරෙම මට මදිවෙයි ඔබට කියා දෙන්න....//)

මේ ගහකොල පවා දන්න ඔබෙයි මගෙයි සුවඳ
ඔබට නොදැනෙනා එක ගැනමයි මට හරි පුදුම
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට
(පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමු ගන්න.....//) 

මේ කඳුලු බිංදු දෙක තුනවත් ඔයා තියා ගන්න
ඉඳ හිට හෝ ඔබට ඉතින් මාව මතක් වෙන්න.....

මේ ඉරහද පවා දන්න මගේ හිතේ තනිය
ඔබට නොදැනෙනා එකගැන මයි මට අද පුදුම
අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට
(පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න......//)

මේ කඳුලු බිංදු දෙක තුනවත්.......