මේ කඳුළු අරං යන්නmee kandulu aran yanna

Me Kandulu Aran Yanna

ගී පද

මේ කඳුළු අරං යන්න
ඔබම දුන්නු දෑසෙ කඳුළු ඔබම අරං යන්න
මට තවත් නොහැක කඳුළු බිංදු දෑසේ තියං ඉන්න
දෑසේ තියං ඉන්න මේ කඳුළු අරං යන්න

ආදරේ කවුරු මැව්වද සාගරේ තරම් ගැඹුරුද
වේදනා ගෙන එන්නට ආදරෙන් ඔබ ආවද

මේ සුසුම් අරං යන්න
ඔබම දුන්නු හදේ සුසුම් ඔභම අරං යන්න
මට තවත් නොහැක සුසුම් කන්ඳ හිතේ තියං ඉන්න
හිතේ තියං ඉන්න මේ සුසුම් අරං යන්න

මේ සිහින අරං යන්න
ඔබම දුන්නු රැයේ සිහින ඔබම අරං යන්න
මට තවත් නොහැක සිහින වලින් යහන පුරෝ ගන්න
යහන පුරෝ ගන්න මේ සිහින අරං යන්න