ගී පද
මේ ඉර හඳට වඩා මට - එළිය ඔබයි අම්මා
හිරු සඳු මියෙන තුරා මම - ඔබව රකිමි අම්මා
අම්මා ..එළිය ඔබයි අම්මා...
අම්මා ..එළිය ඔබයි අම්මා...
මේ දිවි කතරේ මා යන ගමනේ
අත් වැල නැති දවසේ //
දිරිය වඩා ඔබ ළඟ උන්නා
දිවිය පුරා සෙනෙහස දුන්නා
මේ ඉර හඳට වඩා මට - එළිය ඔබයි අම්මා
හිරු සඳු මියෙන තුරා මම - ඔබව රකිමි අම්මා
මා ගැන එදිනේ ඔබ දුටු සිහිනේ
මට හිමි අද දවසේ //
කඳුළු පිරී ඔබෙ දෙනෙත පුරා
සතුට පිරී ඇති බව දැනුනා
මේ ඉර හඳට වඩා මට - එළිය ඔබයි අම්මා
හිරු සඳු මියෙන තුරා මම - ඔබව රකිමි අම්මා
අම්මා ..එළිය ඔබයි අම්මා...
අම්මා ..එළිය ඔබයි අම්මා...