මේ හිතේ ආදරේ (පටන් ගන්න හැදුවත්)mee hithee aadharee (patan ganna haedhuwath)

Me Hithe Adare (Patan Ganna Haduwath)

සංගීතය:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee

ගී පද

පටන් ගන්න හැදුවත් යළි ජිවිතේ
මතක් වෙන්නේ ඔබවයි සිය දහස් වරේ
දුරස් වෙන්න කීවත් හැමදා වගේ
හිතේ ඉන්නේ ඔබමයි මේ මොහොතේදිත්
(මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ......//)

රැවටූවත් සිත මගේ වැරදි නම් නොකියමි
මගේ මේ රිදුම් සතුටක් වේවා
පතන්නේ මා සදා දෙවියන් වැඳ පුදා
නිරතුරුම ඔබ රැකදේවා
(මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ......//)

ළඟ නැතත් පෙර වගේ අදත් මම පතනෙමි
දුක් සෝ සුසුම් නොම වේවා
හඬන්නේ මා ඔයා එක සිතින් පැතූ නිසා
මතු භවයේ හෝ මගේ වේවා
(මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ......///)