මේ හිතට දුක දැනෙනා වෙලාවයිmee hithata dhuka dhaenenaa welaawayi

Me Hithata Duka Danena Welawai

ගී පද

මේ හිතට දුක දැනෙනා වෙලාවයි
මේ හිතට දුක හිතෙනා වෙලාවයි
මේ හිතට දුක දැනෙනා වෙලාවයි
මේ හිතට කවි හිතෙනා වෙලාවයි

විස මතක පොවා හී පහර එවා
නුඹ ගෙනෙන්නේ නිරතුරු රිදවුම්
සර පහර වැදී හද සිදුරු වේවි
මේ ගලන්නේ වැගිරි කවි කම්

ගැල් බරට ගෙනා දුක් කදුළු දරා
යම් දිනෙක වනමුත් මිහිදන්
දෙවි ලොවට පවා මතු සුවඳ ගෙනේ
මල් පරසතුවන් මේ රිදවුම්

මේ හිතට ....