මේ හිත නෑ පාළුmee hitha nae paalu

Me Hitha Na Palu

සංගීතය:
යුකී නවරත්නyukii nawarathna
පද රචනය:
සමිත් ගෝමස්samith goomas

ගී පද

එක මල් දවසක් මේ
නෙක මල් දවසක් හීනේ
මේක හිරු දහසක් පෑයු රෑ මේ

අමතකයි සන්තාපේ
පවසටයි ගී කීවේ
නුඹටම වෙන් වූ මුලු රෑ මේ

දැතේ වෙලී මාගේ
ඉබේම ඈතට යන්නයි මේ
මේ ටික ⁣කාලේ ඉන්න මා හා

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු//

මගේ හිත මත සොයා ඉඩ දැන්
අසුන අරන් ඉඳගන්න
සිපගන්න ඒ සියුම් මුවින්
අල්ලගන්න තදින් මගේ අතින්
අපි ලංවෙන්න ඇති
අහන්න එපා දේවල් කියා ගන්න බැරි
නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි
රහසේ වූ දුක් සැනසූ කුමරී

මගේ හිතේ ඉඩ දැන්
නුඹේ අතින් හැඩවෙන සිතුවමකි
නුඹ එහි තියා මං
තනියම සරසන මිරිඟුවකි
යමු හෙමින් හොයා තැන්
විනිවිද යමු ඈත තරු අතරින්
නුඹ ලඟ නොවේ නම්....

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු//