මේ ගී මාරුතේmee gii maaruthee

Me Gee Maruthe

සංගීතය:
නදීක ජයවර්ධනnadhiika jayawardhhana
පද රචනය:
චරිත් සේනාධීරcharith seenaadhhiira

ගී පද

(මේ ගී මාරුතේ 
රැවු දෙයි ලෝකයේ 
මේ ගී සත්‍යයේ 
අමතයි ජීවිතේ 
වේදනා පාවෙලා 
නිදහසේ මාවතේ 
රෑ තරු වගේ යෞවනේ...//)

හඬනා තත් සරේ 
ස්වරයයි මා ලයේ 
ඉගිලී විශ්වයේ 
සොයමී ගනදුරේ
වේදනා පාවෙලා 
නිදහසේ මාවතේ 
රෑ තරු වගේ යෞවනේ

මා පතන ලෝකේ 
මේ සිහිනේ 
බිඳී යන්නේ නෑ රල වාගේ 
ළා හිරුවගේ දිලිසේ යලි
මා හදවතේ ආදරේ

මේ ගී මාරුතේ....
රෑ තරු වගේ යෞවනේ