මේ ගංගාවmee gangaawa

Me Gangawa

සංගීතය:
ශාන්ත ජයලත්shaantha jayalath
පද රචනය:
ශාන්ත ජයලත්shaantha jayalath

ගී පද

මේ ගංගාව නුඹ වගෙයි මං ගාව නොනවතී
හන්තානේ හැපී හැපි නොදුටුවා වගේ ගලයි
දඟකාරකම් වැඩියි හැඩකාර ඒ නිසයි
මනමාලකම් නොවෙයි මං ඇත්තටම ආදරෙයි......

සංසාරේ හමු වෙලා අපි පැතුව ඒ පැතුම්
ගං දෑල වැර හැපි නිම් නාද දෙනු බලන්
මං ගාව නොනවතී නොදුටුවා වගේ ගියත්
හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින්......

මේ ගංගාව.....

එක දිනෙක හරි යසයි තව දිනෙක හරි වසයි
ගංගාව නුඹ වගෙයි මං කීවේ ඒ නිසයි
මං ගාව නොනවතී නොදුටුවා වගේ ගියත්
හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින්......

මේ ගංගාව.....