මේ දුප්පත් හිතmee dhuppath hitha

Me Duppath Hitha

ගී පද

මේ දුප්පත් හිත තාමත් ඔබගෙ
වෙනසක් නෑ පෙර වාගෙයි
නෑ තරහක් නම් මං ඔබට සිතින්
ඔබ ගැනමයි මං හිතුවේ
ඔබ ඉක්මන් නොවුනානම් අපි අපවාගේමයි
දුක ඔබටත් දැනුනා නම් යළි එනවාමයි

අමතක කළත් ඔයා මතකින් මගේ
හදවතේ ඉන්නවා පෙර දා වගේ
නැතිදෝ තවම දැනුනේ මං ආදරේ කල තරම්
පියඹා එන්න ආයෙත් මං ඔබෙමයි සිතුනෝතින්

මගේ සිහින ලෝකයේ මං තනිවෙලා
ඔබ එනතුරා තවත් මඟ බලනවා
නැතිදෝ තවම දැනුනේ මං ආදරේ කල තරම්
පියඹා එන්න ආයෙත් මං ඔබෙමයි සිතුනෝතින්

මේ දුප්පත් හිත .....