මේ දෑස මගේ පිංවන්තයිmee dhaesa magee pinwanthayi

Me Dasa Mage Pinwanthai

ගී පද

(මේ දෑස මගේ පිංවන්තයි
තේරුණේ දැන් තමයි...//)
රන් රූපේ ඔබේ පෙම්වන්තයි
තේරුණේ දැන් තමයි...
මේ දෑස මගේ පිංවන්තයි.....

ළඟ දුනුකේ මලකි
දුර මානෙල් මලකි
උඩවැඩියා මලකි
මල් මැද මල් ළඳකි.....
මේ දෑස මගේ පිංවන්තයි.....

රණ මයුරා වරලයි
අඬ සඳවන් නළලයි
නීල උපුල් දෙනෙතයි
නාරි ලතා ගමනයි......
මේ දෑස මගේ පිංවන්තයි.....

හද බැඳෙනා වයසේ 
පහන ලෙසේ නිවසේ 
ඔබ සැරදේ සුවසේ 
පතනෙමි මං එසසේ.....

මේ දෑස මගේ.....