මේ බස් නැවතුම පෙර හැම දිනකමmee bas naewathuma pera haema dhinakama

Me Bus Newathuma

ගී පද

මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවන බව දැන උන්නේ
ඔබ සමුගෙන බව මා තනිවුණු බව
බස් නැවතුම තව නෑ දන්නේ

ඉස්සර හවසක මා එනතුරු ඔබ
මෙතැනම හිටියා දෙනෙත් අයා
එකම රියක නැග එකම අසුනෙ හිඳ
ගිය හැටි මතකයි තවම එදා

මේ බස් නැවතුම.....

ප් ‍රේමය නිමවුණු මා අද තනියම
මෙතැනින් රියකට ගොඩ වෙනවා
ඒ රියහිම ඔබ තව කෙනෙකුන් ළඟ
එකම අසුනෙ ඉඳගෙන යනවා

මේ බස් නැවතුම.....