ගී පද
(මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවුන හැටි දැන උන්නේ
මා තනිවුන බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ)...//
ඉස්සර හවසට මා එනතුරු ඔබ
මෙතනම සිටියා දෙනෙත අයා
එකම රියක නැග එකම අසුනෙ හිඳ
ගිය හැටි මතකයි තවම එදා
මේ බස් නැවතුම..../
ප්‍රේමය නිමවුන මා අද තනිවම
රියකට මෙතැනින් ගොඩවෙනවා
ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ළග
එකම අසුනේ ඉඳගෙන යනවා
මේ බස් නැවතුම....//