මේ අවන්හලේmee awanhalee

Me Awan Hale

සංගීතය:
නිමල් මෙන්ඩිස්nimal mendis
පද රචනය:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

ගී පද

මේ අවන්හලේ සැඳෑ වෙලාවේ රැඳෙන්නෙමි
ගී ගයා වයාලා සිනා සලාලා රඟන්නෙමි
මා ඔබ වගේම ලෝකේ කඳුළු දුක් සිතේ ලා
දිවි ගෙවන්නෙමි
ඒ සුසුම් මගේ ඔබේ සිනාවේ නොලන්නෙමි

කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ
හඬන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ
බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ
විඩා නොවී සිනා සෙමී

මේ අවන්හලේ සැඳෑ වෙලාවේ රැඳෙන්නෙමි
ගී ගයා වයාලා සිනා සලාලා රඟන්නෙමි

කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ
හඬන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ
බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ
විඩා නොවී සිනා සෙමී
මා ලවන් දැලේ බිඟුන් මුලා වී
රැඳෙන්නෙපා
මා රැඟුම් ලතාවේ නුවන් මුලා වී බැඳෙන්නෙපා//