මේ අපේ රාත්‍රියයිmee apee raathriyayi

Me Ape Rathriyayi

සංගීතය:
නවරත්න ගමගේnawarathna gamagee

ගී පද

මේ අපේ රාත්‍රියයි
මේ අපේ රාත්‍රියයි
සඳ සිනා සලන
තරු සැලී දිලෙන
රුදු අඳුර බිඳී ගිය රාත්‍රියයි

අහස් පවුරු සීමා බිඳලූ නුඹ
කුමරිය ගිම්හානේ
සුපෙම් හැඟුම් කලතා මුව හසරැලි
නිබඳ පිපෙන යාමේ
නුහුරු ලෙවන් නෙතු යුග දහසක් මැද 
පියවර මැනලා සොඳුරු කරලියේ 

තාල මියැසි මැද පා තබනා රඟ
මදුවිත හා මුසුවී
නුරා නෙතින් නෙත යාවෙන සෙවනැලි 
එකිනෙක යයි පාවී
පතනෙමි අවසර ළඳේ නුඹෙන්
දොරටු අරින්නට ආදර දිගන්තයේ

මේ අපේ රාත්‍රියයි
මේ අපේ රාත්‍රියයි
සඳ සිනා සලන
තරු සැලී දිලෙන
රුදු අඳුර බිඳී ගිය රාත්‍රියයි