මේ අහසට සඳ එනවාmee ahasata sanda enawaa

Me Ahasata Sanda Enawa

සංගීතය:
ශාන්ත ජයලත්shaantha jayalath
පද රචනය:
ශාන්ත ජයලත්shaantha jayalath

ගී පද

මේ අහසට සඳ එනවා අපේ ගමට සේම
අහස උසට තැනු මැදුරු සඳ වටකර බොහොම
සිත් අහසට නුඹ එනවා ඒ සඳවත සේම
මූදු හතින් ඈත වුණත් සිතින් ළඟයි තාම.......

ඉසුරු නොමැති වසන්තයට ඉසුරු අරන් එන්න
නුඹ තනිකර මං ආවා දුරු රටකට මෙහෙම
අපි ඈතයි ඒ වුණාට ඈත් වෙන්නේ කොහොම
සිතුවිල්ලෙන් ළඟ පාටයි ඉස්සර වාගේම........

මේ අහසට.......

ඉර අවරට හැරෙනා විට රෑ වැඩ මුර එන්නේ
නිදි නැති රෑ සිහිනෙන්වත් කොහොමද ළං වෙන්නේ
කඳුළු නෙතට නුහුරුයි ඒ නිසා නෑ හඬන්නේ
සොඳුර අපේ ජීවිතයට කවදද සඳ එන්නේ......

මේ අහසට......