ගී පද
(මේ ආදරේ මා සිතේ රඳවලා නෙතු පියාලා සදා ඔබ ගියා
නෑ ආයෙමත් මාගේ ජීවේ ලෙසින් මේ භවේදී සොයා පැමිණිලා.....//)
කීව ඒ කතා ඔබගේ මාගේ හිතට ළං වූණේ ඇයි මාව තනිකලේ සදා
මේ ශෝකයේ වේදනා හිමි වෙලා මගේ හුස්ම නැවතී ගියා
ඒ මතකයේ දිවිතුරා තනිවෙලා කඳුලකට ඇරයුම් කළා.......
ඒ වේදනා හදවතින් උතුරලා පෑ සෙනේ කඳුලකින් බොඳ වුණා
මා මේ තරම් ආදරේ කළ වගක් හැඳිනුවේ නෑ දමා යන තුරා
ඉන්න නැවතිලා සසරේ එනවා ඔබ සොයා පෙර සේ
සමු දීලා දිවයට පවා
(මේ ශෝකයේ වේදනා හිමි වෙලා මගේ හුස්ම නැවතී ගියා
ඒ මතකයේ දිවිතුරා තනිවෙලා කඳුලකට ඇරයුම් කළා.......//)