මායාවී සේයාවේ (හිනැහුනා)maayaawii seeyaawee (hinaehunaa)

Mayawee Seyawe (Hinahuna)

සංගීතය:
සහන් ලියනගේsahan liyanagee
පද රචනය:
සහන් ලියනගේsahan liyanagee

ගී පද

මායාවී සේයාවේ ඔබේ ආදරේ සඟවා
පායාවී හිරු සේ මා මගේ ජීවිතේ පුබුදා
රෑ දිවා නුඹ ගැන සිතා නෑ සිනහවෙන් මිදිලා
මා සොයා එනුමැන ප්‍රියාවිය ආදරේ කියලා
හිනැහුනා නුඹ නිසා...

හීන ගේනා ඈව ‍‍ඕනා ජීවිතේ පුබුදනා
දෑස මානේ පෑව බැල්මක ජීවිතේ ලියැවුණා
සුළඟ ගේනා සුවඳ ගානේම ඔබගේ සුව සිහිවුණා
ඉතිං ස්වප්නය දෑස් අබියස මැවි මැවී හිනැහුනා
හිනැහුනා නුඹ නිසා...

පෑව සෙනෙහේ ප්‍රේම ගීතේ තනු අතරේ ලියැවුණා
ඇයව මාගේ වෙන්න ඕනේ අතැඟිලි මුදු දමා
දිනෙක මාගේ දිවිය ආයේ පණ පොවා පුබුදනා
ඉතිං ස්වප්නය දෑස් අබියස මැවි මැවී හිනැහුනා
(හිනැහුනා නුඹ නිසා...//)