මායම් කලාවේmaayam kalaawee

Mayam Kalawe

සංගීතය:
සනුක වික්‍රමසිංහsanuka wikramasinha
පද රචනය:
සනුක වික්‍රමසිංහsanuka wikramasinha

ගී පද

හිරිමල් මුවින් පානා සිනා කඳුලැල් මකාලන්න මා හද නිවා
තුරුවැල් පවා සරදම් කලා හද පොපියනා 
මේ ආදරේ ඔබ මට දුන්නා 
යලි උදුරන්නේ ඇයි ප්‍රේමියේ 
මා ජීවිතේ ඔබ පන දුන්නා 
අද බිඳලන්නේ ඇයි සොඳුරියේ.....

මායම් කලාවේ සායම් සිනාසේ 
පායම් සඳේ මේ පෙම් ගී රැයේ 
පාලම් තොටේදී කෝලම් කලා සේ 
ආයෙත් පෙමින් ලංවී ඉමු නගේ මේ යාමයේ.......

සංසාරයේ පෙරුමන් පුරා ආලෙන් බැඳී ඉන්න වෑයම් කලා
අන්සතු නොවී ඔබ මගේම වී රැකගත්තේ මා 
මේ ආදරේ ඔබ මට දුන්නා 
යලි උදුරන්නේ ඇයි ප්‍රේමියේ 
මා ජීවිතේ ඔබ පන දුන්නා 
අද බිඳලන්නේ ඇයි සොඳුරියේ.....

මායම් කලාවේ......
 
මා දිහා බලන් දිලිසෙනා නෙතු අගින් 
ආඩම්බරේ හැර දමා සිනාසෙන්නකෝ ආදරෙන්......

මායම් කලාවේ........